Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports බෙල්ජියානු තරගාවලියත්  කල් දමයි

බෙල්ජියානු තරගාවලියත්  කල් දමයි

editorial - 2020 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අගෝස්තු මස අවසානය දක්වා බෙල්ජියම තුළ මහජන රැස්වීම් තහනම් කිරීමත් සමග මේ වසරේ (2020) පැවැත්වීමට නියමිත බෙල්ජියානු ෆෝමියුලා -1 ගෝන් ප්‍රී මෝටර් රථ තරගයත් අවිනිශ්චිත තරග ලේඛනයට ඇතුළත් වී තිබේ.
 
බෙල්ජියානු ෆෝමියුලා -1 ගෝන් ප්‍රී තරගාවලිය අගෝස්තු මස 30 වැනිදා ස්පා-ෆ්‍රැන්කෝර්චෑම්ප්ස් ධාවන පථයේදී පැවැත්වීමට නියමිතව තිබිණ. කෙසේ වුවත් “අපි ජාතික ආරක්ෂක කවුන්සිලයේ මීළඟ නිවේදනය බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.” යැයි ස්පා-ෆ්‍රැන්කෝර්චෑම්ප්ස් ධාවන පථයේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.
 
මැයි මස මුල සිට ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම සඳහා තම රජය සහ ආර්ථික හා වෛද්‍ය විශේෂඥයන් ලබන සතියේ රැස්වන බව බෙල්ජියානු අග්‍රාමාත්‍ය සොෆී විලියම්ස් මහත්මිය පසුගිය බදාදා (15 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියාය.
 
තරඟාවලියේ වාණිජ අධ්‍යක්ෂ ස්ටිජන් ඩි’බෝවර් මහතා අදහස් දක්වමන් කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ ඔවුන් ප්‍රශ්න රැසක් සඳහා විසඳුම් සොයා ගැනීමටත් සියලුම විකල්ප සලකා බැලීමටත් පියවර ගන්නා බවයි.‍
 
“අප‍ට තොරාගත හැකි විකල්පයන් මොනවද කියලා ඔබ දන්නවා.“
“එ‍ක්කෝ අපිට තරගය පවත්වන්න වෙනත් දිනයක් සොයාගන්න වෙනවා. නැත්නම් තරගය අත්හැර දැමීමට සිදු වෙනවා...... ප්‍රේක්ෂකයන් නොමැතිව තරගය සංවිධනය කළත් අපේ වෙබ් අඩවිය ඔස්සේ එය නැරඹීමට විශාල පිරිසක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යැයි බෝවර් මහතා පැවසීය.
 
මේ වසරේ ෆෝමියුලා - 1 මෝටර් රථ තරග වාරය තවමත් ආරම්භ වී නැත. මේ වන විට එහි තරග 9 ක් අවලංගු කරදමා හෝ කල් දමා තිබේ.
 
ජුනි 28 වැනිදා ලේ කැස්ටලෙට්හි පැවැත්වීමට නියමිත ප්‍රංශ ගෝන් ප්‍රී මෝටර් රථ තරගාවලියද ඉදිරියේදී කල්දැමීමට නියමිතය. ඊට හේතුවී ඇත්තේ ප්‍රංශය පොදු උත්සව සඳහා පනවා ඇති තහනම ජූලි මස මැද දක්වා දීර්ඝ කිරීමයි.
 
-036

අදහස් (0)

බෙල්ජියානු තරගාවලියත්  කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.